Tag: featured

O /L ප‍්‍රතිඵල පරිගණක ගත කර අවසන්

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ පරිගණකගත කළ ප‍්‍රතිඵල, කමිටු තුනක් හරහා මේ වනවිට නැවත…

නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන පිරිස් ගැන අලුත් පියවරක්

මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන සෑම පුද්ගලයෙකුම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලෙන PCR පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඇඳිරි නීති බලපත‍්‍ර අවභාවිත කරමින් දිස්ති‍්‍රක්ක අතර ගමන්…

නව එන්නත සාර්ථක වන තෙක් කැනඩාව යළි යථා තත්ත්වයට පත් නොවනු ඇතැයි එරට අගමැති කියයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග කැනඩාවේ පුද්ගලයින් මිලියනයකට රැකියා අහිමි වී තිබෙනවා. කුඩා ව්‍යාපාර සහ ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින්ට මෙලෙස රැකියා අහිමි වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. නව කොරෝනා…

ලංකාවේ මුහුදු සීමාවල ආරක්ෂාව තර කෙරේ

මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා පැවසුවේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර…

සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට

අත්‍යවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID -19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු…

කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් අලුතින් ඉදි කළ ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට රොබෝ යන්ත්‍රයක සහාය

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර දුරස්ථව ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් හට සහයෝගය ලබා දීමට තවත් ස්වයංක්‍රිය නියමු රොබෝ…

රට සම්පුර්ණයෙන් වසා දැමිමට ආණ්ඩුව තීරණයක් නෑ-රෝහිත

කිසිවිටකත් රට සම්පුර්ණයෙන් වසා දැමිමට ආණ්ඩුව තීරණයකර නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ ඊයේ(08) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන්…

බ්‍රිතාන්‍ය අගමැතිගේ තත්ත්වය යහපත් අතට

බ්‍රිතාන්‍ය අගමැති තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බ්‍රිතාන්‍යය මුදල් අමාත්‍යවරයා පවසයි. මේ අතර, එංගලන්තයේ වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥ වෛද්‍යවරයකු වන ඇන්ටන්…

වාහන අංගනයක් තුළ නාඳුනන පුද්ගල මළ සිරුරක්

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි අවන්හලක වාහන අංගනයක් තුළ නාඳුනන පුද්ගල මළ සිරුරක් තිබී සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (08) ගල්කිස්ස පොලිසියට ලද තොරතුරකට අනුව සේරම් පාරේ අවන්හලක වාහන අංගනයක්…

අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල සෞඛ්‍ය කාර්ය මණ්ඩයලත් කොරෝනා රෝග වාහකයින් වෙලා

පැය 24 ක් තුළදී අමෙරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (08) වාර්තා වුණා. ඊයේ දිනයේ පමණක් නිව්යෝර්ක් ප‍්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 779 ක්. එමෙන්ම…

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (09) පස්වරු 01.00 සිට හෙට උදෑසන 07.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය…

වෙරළ තීර හා ගංගා මෝයවල් ආශ‍්‍රිත තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමට අද සිට සමීක්ෂණයක්

නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මෙරට වෙරළ තීර හා ගංගා මෝයවල් ආශ‍්‍රිත තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමට අද (09) සිට සමීක්ෂණයක් සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි…

ජනතාවට දැනුම් දීමක්

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප‍්‍රදේශ හැර සෙසු සියළු දිස්ති‍්‍රක්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරුණා. එම…

ආරක්ෂිත ඇඳුම් තොගයක පරිත්‍යාගයක්

මධ්‍ය හා සුළු පරිමාණ ඇඟළුම්කරුවන්ගේ සංගමය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අත්‍යාවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කර තිබේ. එමෙන්ම රුවන්වැල්ල ප්‍රෙද්ශයේ ආබාධිත දරුවන් තිදෙනෙකු සඳහා අවශ්‍ය රෝද…