England-vs-Srilanka-t20-match-images

ශ්‍රී ලංකා-එංගලන්ත තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරඟය හම්බන්තොට,සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ සිට ඉදිරියට අතේ ගෙන යා හැක නළා ( Portable Horns / Hooters) ක්‍රීඩාංගණය තුළට ගෙන ඒම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණයට පැමිණි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කෙසේ වෙතත් පපරේ කණ්ඩායම් සඳහා මෙම නීතිය බල නොපාන අතර තනි තනි පුද්ගයන් වශයෙන් නළා රැගෙන ඒම මේ හරහා තහනම් කර තිබේ.

ආරක්ෂක අංශ සාමාජිකයින් මේ පිළිබඳව අවධානය යොමු කර ප්‍රේක්ෂකයන් පරීක්ෂාවයට ලක් කරන බවත් එවැනි ආකාරයක නළා හමුවුවහොත් එය ආරක්ෂක අංශභාරයට පත්කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.