Senanayake banned from bowling due to action
Senanayake banned from bowling due to action
Senanayake banned from bowling due to action

 

සචිත‍්‍ත්‍රට පන්දු යැවිම තහනම් කරයි/Senanayake banned from bowling.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සචිත‍්‍රට ජාත්‍යන්තර තරගවලට සහභාගිවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි අයි.සී.සී. ය නිවේදනය කළේ. පසුගිය එංගලන්ත සංචාරයේදීයි සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් පවතින බවට කතා බහට ලක්වුණේ.

සිය පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනය විසින් ලබාදී ඇති විනිශ්චයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකට අවස්ථාවක් හිමිවනවා. එංගලන්තය සමඟ පැවති එක්දින තරඟාවලියේදී සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවටයි ජාත්‍යන්තර සම්මේලනය තීරණය කළේ. ඒ බි‍්‍රතාන්‍යයේ කාඩිෆ් විශ්වවිද්‍යාල ක‍්‍රීඩා පරීක්ෂණාගාරයේ සිදුකළ පරීක්ෂණයකින්.

එහිදී සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් හතරේදීම අතේ නැම්ම නීතියෙන් ඉඩ ලබාදී ඇති අංශක 15 ඉක්මවා ඇති බවටයි තීරණය වී ඇත්තේ. පරීක්ෂණය පැවැත්වූ ආකාරය පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් ඊට එරෙහිව ඔහුට අභියාචනා කළ හැකියි. ඒ සඳහා දින 14 ක කාලයක් හිමිවනවා. එලෙස සචිත‍්‍ර සේනනායක වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් වුවහොත් එය ජාත්‍යන්තර සම්මේලනයේ පන්දු යැවීමේ ඇගයීම් කමිටුව මගින් යළි පරීක්ෂා කිරීමට නියමිතයි. ඒ සඳහා මානව ඉරියව් විශේෂඥයෙකු, හිටපු ක‍්‍රීඩකයෙකු, හිටපු විනිසුරුවරයෙකු සහ තරඟ තීරකයා මෙන්ම, ජාත්‍යන්තර සම්මේලනයේ නියෝජිතයන් දෙදෙනෙකු එක්වනු ඇති

Sri Lanka offspinner Sachithra Senanayake has been banned from bowling in international cricket, after his action was found to be illegal following bio-mechanical assessment in Cardiff.

Senanayake was reported for a suspect action during Sri Lanka’s fourth ODI against England at Lord’s on May 31, and testing at the end of June found he exceeded the allowed 15-degree flex limit in all four types of his deliveries which were assessed. Among Senanayake’s variations from the stock offbreak were the doosra, an arm ball and a seam-up slider.