No_Internet_NOISE_380x400

පාසල් පරිගණක විද්‍යාගාරවල ක්‍රියාත්මක වන School net වෙබ් අඩවියේ අන්තර්ජාල සේවා නතර කර දැමීම නිසා පාසල් 1500 ක පරිගණක විද්‍යාගාර කටයුතු ඇණහිට ඇතැයි ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.

මේ මස 12 වැනිදා සිට අන්තර්ජාල පහසුකම් අක්‍රිය කර දමා තිබෙන්නේ අදාළ අන්තර්ජාල පහසුකම ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ගෙවිය යුතු සේවා ගාස්තු නොගෙවීම නිසා බවද එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

අන්තර්ජාල පහසුකම් අක්‍රිය කිරීම නිසා ගුරුවරුන් සහ සිසුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.

School net වෙබ් අඩවිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ මොරටුව විහ්වවිද්‍යාලය එක්ව පවත්වාගෙන යනු ලබයි.