564757575757

තමන්ට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ විමසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ දස පුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ සිය තීරණය ජනාධිපතිවරයා වෙත  දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ. ඒ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද (11) දවසේ කෙරෙන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රසිද්ධියට පත්කරන බව වාර්ථා වේ.

තමාට තෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බවට ඇතැමුන් විසින් කරන ප්‍රකාශ හේතුවෙන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලදී.

Supreme Court determination on incumbent President’s third term has been delivered to Temple Trees a short while ago, the President’s spokesman said. Action will be made public later today.