143111

පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හයවැනි එක්දින තරගයේදී තම 20 වැනි එක්දින ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත් වුනා. ඔහු මෙම ක්‍රීඩාංගණයේ වාර්තා කළ පළමු එක්දින ශතකයද මෙය වනවා.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු සංගක්කාර ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනු ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වන අතර, ඒ හේතුවෙන් ඔහු මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩාකරන අවසන් එක්දින තරගයද මෙය වනු ඇත.

කාසියේ වාසිය දිනාගෙන පලමුව පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 292ක් රැස්කර ගැනිමට සමත් විය. ඩිල්ෂාන් ලකුණු 68ක්ද,චන්දිමාල් වේගවත් ලකුණු 35ක්ද එක් කලේය.