ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අප්‍රේල් 10 වන දා සිට QR කේත ක්‍රමය අහෝසි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ය.

මේ වන විට වෙන් කර ඇති ඉන්ධන කෝටා වැඩි කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයේ දත්ත විශ්ලේෂණය කරනු ඇති බව කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිඩිඩයේ දැක් වේ.

එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කර මේ පිළිබඳ තීරණ ගනු ලබන බව ය.