Skip to content
prisoners released for vesak festival
වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 1000 ක පමණ පිරිසක් අද (19 වැනිදා) පෙරවරුවේ මුදාහැරීමට නියමිතය.
මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 17 කට අයත් නොවන පිරිස් මෙසේ මුදා හැරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවැසීය.
වසර කිහිපයක සිට වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් මුදා හැරීම සිදු නොකළ අතර මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාට ලබාදුන් උපදෙස් මත මෙම මුදාහැරීම සිදුකෙරේ.
සිරකරුවන් නිදහස් කිරීමේදී අවුරුදු 70 සම්පූර්ණ වී සිටින රැඳවියන්ගේ සිර දඬුවම් කාලය අහෝසි කර ඔවුහුද මුදා හැරිණි.
අද පෙරවරු 9.00 සිට දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාරවලදී මෙම පිරිස මුදාහැරීම සිදුකෙරේ.