Lab technician holding swab collection kit,Coronavirus COVID-19 specimen collecting equipment,DNA nasal and oral swabbing for PCR polymerase chain reaction laboratory testing procedure and shipping

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පී.සී.ආර් පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000 ක් ලෙස ඒ අනුව මිල නියම කරනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ.

මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය හෙට දින (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් අද දින (11) ප්‍රකාශ කරන ලද්දේ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.