4242442424

 

 

 

Musiclk

හොඳ ගීතයක් රසිකයා වෙත ගෙන යාමේ ප්‍රධාන වාහකයෙක් විදිහට Music.lk කා අතරත් ජනප්‍රියයි. එහි ප්‍රධාන නිමැවුම්කරු නුවන් චින්තන. අන්තර්ජාලය ලංකාවට හඳුන්වා දෙන වකවානුවේ සිටම ඒ තුළින් හරවත් යමක් සමාජගත කිරීම වෙනුනේ විවිධ අත්හදා බැලීම් කරන නුවන් නදුන් තමීර, හිරාන් චන්ද්‍රසේන කියන මිතුරන් දෙදෙනා එක්ක එකතු වෙලා තමයි Music.lk කියන වබේ අඩවිය පටන් ගන්නේ. අද එය හරවත් ගීත සමාජගත කිරීමේ සුපසන් කටයුත්තක යෙදෙනවා. මේ ඒ ගැන නුවන් චින්තන එක්ක කළ කතාබහ.

Music.lk මෙතරම් ජනප්‍රිය වන්නේ කෙසේද?
අපි මෙතරම් ජනප්‍රිය වෙන්නේ ගුණාත්මක තත්වයේ නිර්මාණ අපේ වබේ අඩවියට ඇතුළත් කරන නිසයි. ලංකාවේ කලා කරුවන්ගේ හොද නිර්මාණ Music.lk හරහා එළි දැක්වූවා. ඇත්තටම අපි නිර්මාණකරුවන්ගේ හොද නිර්මාණ  ඉදිරිපත් කිරීම තමයි මේ ජනප්‍රියත්වය පිටුපස තිබෙන රහස.

ලංකාවේ ජනප්‍රියතම වබේ අඩවිය දක්වා පැමිණීමට පාර කපා ගත්තේ කොහොමද?
අපි කණ්ඩායමක් ලෙස වැඩ කළා. මුල ඉදලම නදුන් තමීරත්, හිරාන් චන්ද්‍රසේනත් මමත් එකට වැඩ කරන්න ගත්තා. අපේ කණ්ඩායම් තුන් දෙනා එක් අයෙක් විදියට වැඩ කරන්න ගත්තා. අභියෝග ජය ගැනීමේදී අපි හැමෝම එකා වගේ වැඩ කරලා මේ අභියෝග ජයගන්න ඕන කියන හැගීම අපි තුළ තිබුණා. පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම තමයි අපි GalleZone කියන වබේ අඩවිය පටන් ගත්තේ. GalleZone එක සංගීතය පැත්තට වැඩි බරක් දානවත් එක්කම අපි Music.lk නමින්  අලුත්ම මුහුවරකට එනවා. ඒත් එක්කම 2009 අවුරුද්දේදී ලංකාවේ ජනප්‍රියතම වබේ අඩවියට හිමි සම්මානය අපිට හිමිවෙනවා. ඒ සම්මානය සමගින් පියෝ ටීවී හරහා සංගීතමය රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමේ අවස්ථාව ලැබෙනවා. කොළඹ සමග පවතින ගනුදෙනුව වැඩි වන විට ගාල්ලේ සිට කොළඹට එනවා. මම කලින් කිව්වා වගේ අපි කණ්ඩායමක් විදියට මේ ගමන ආපු නිසා තමයි අපිට මෙතරම් සාර්ථකත්වයක් අත්කරගැනීමට හැකියාව ලැබුණේ.

සාමාන්‍ය ජන මතය වන්නේ හවුල් වැඩ අවුල් බවයි. හවු‍ලේ කළ දේ සාර්ථක කරගන්නේ කොහාමද?
අපි තුන් දෙනාම පාසල් කාලයේ ඉදලා හොඳ යාළුවෝ. අපි තුන්දෙනා අතරේ හොඳ අවබෝධයක් තිබෙනවා. අපි තුන්දෙනාටම තියන්නේ එකම අරමුණක්. එකම අරමුණක් වෙත යන තිදෙනෙක් එකතුවෙලා යන මේ ගමන සාර්ථක වුනේ අපේ තිබෙන උවනමනාව, කැපවීම නිසයි.

Music.lk කියන්නේ ව්‍යාපාරයක්ද?
ගෝල් සෝන් සොලූෂන් තමයි අපේ සමාගම. ඩී්‍රම් ටී.වී. නාලිකාව, Music.lk වබේ අඩවිය ඒ යටතේ තමයි තිබෙන්නේ. 2012 වසරේ ඉදලා අපි සංගීතයට අදාල Content Mangemet කරනවා. අපි යූ ටියුබ්, ඩේලි මෝෂන් හා විදුලි සංදේශන ආයතනයන්හි පාර්ශවකරුවන් විදියට කටයුතු කරනවා. අපි ඇත්තටම ව්‍යාපාරයක් ලෙස හදුන්වනවාට වඩා සංගීත නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වටිනාකමක් දෙන, බුද්ධිමය දේපලවලට වටිනාකමක් දෙන ආයතනයක් ලෙස හදුන්වනවානම් වඩාත් කැමැතියි.

අද අන්තර්ජාලයේ සිදුවන ගීතමය ගනුදෙනුව කුමන මුහුණවරක් ගත් එකක් ලෙසද ඔබ දකින්නේ?
අන්තර්ජාලය හා ගීතය අතර තිබෙන්නේ වෙන් කළ නොහැකි ගනුදෙනුවක්. සම්බන්ධතාවයක්. කිසියම් ගීතයක් ප්‍රවර්ධනය වීමේදී අන්තර්ජාලය හරහා එයට ලැබෙන දායකත්වය විශාලයි. ඩිජිටල් මාධ්‍ය ඇතු‍ලේ ගීතයට ප්‍රචාරයක් ලැබෙන ප්‍රධානම මාර්ගය වන්නේ අන්තර්ජාලයටයි. විශේෂයෙන්ම ගීත නිර්මණකරුවන්ට වැඩි ආදායමක් ලබාගැනීමට හැකි මාර්ගයක් ලෙස අන්තර්ජාලය හදුන්වාදෙන්නත් පුලුවන්.

ගීත මාෆියාවක් ගැන හැමෝම කතා කරනවා. ගීත මාෆියාවක් ඇතිවීමට හේතු මොනවාද?
හොද නිර්මාණයක් කිරීම තුළින් ආදායමක් ලැබිමට උත්හාස ගන්නවා වෙනුවට කුමක් හෝ යමක් කර ආදායමක් ලබාගැනීමේ අරමුණ නිසා තමයි මෙවැනි මාෆියාවන් ඇතිවන්නේ. සල්ලි හම්බකිරීමට හෝ ක්ෂේත්‍රයේ පැවතීමට මොනවා හරි දෙයක් කරනවා කියන අදහස ඇතිව කටයුතු කිරීම නිසා මෙවැනි මාෆියාවන් වර්ධනය විය හැකියි. ඒත් විය යුත්තේ පැවැත්මට යමක් කරනවා වෙනුවට හොද දෙයක් කර රසිකයින්ට ලබාදීමයි.

Music.lk වබේ අඩවියේ ගීතයක් ප්‍රචාරය කිරීමට කීයක් අය කරනවාද?
සත පහක්වත් අය කරන්නේ නෑ. සම්පූර්ණයෙන්ම නොමි‍ලේ තමයි වබේ අඩවියේ ගීත පළකරන්නේ.

ඔබ කටයුතු කරන්නේ ලාභය ගැන හිතලා නොවෙයිද?
ලාභය ගැන අපි හිතන්නේ නැහැ. හොද නිර්මාණ ගැන හිතලා තමයි අපි හැමවිටම වැඩ කරන්නේ.

සල්ලිවලට හෝ හිතවත්කම් මත ගීත ජනප්‍රිය කරනවාය කියන චෝදනාව ඔබට එල්ලවන්නේ නැද්ද?
පදනමක් ඇති චෝදනා අපිට එල්ලවන්නේ නැහැ. අපි හැම විටම ගුණාත්මක තත්වයෙන් යුත් නිර්මාණ පළ කිරීම තුළ මෙවැනි චෝදනා එල්ල කිරීම අපහසුවී තිබෙනවා.

ලංකාවේ ගීත ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමීන් ඔබද?
ඔව්. අපි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා.

මේ ක්ෂේත්‍රයේ ඔබ අභියෝග නැද්ද?
අපිට අභියෝග තිබෙනවා. ඒත් අපි අපි හමුවට එන අභියෝග ජයගන්නවා. අපි අභියෝග ජයගන්නේ තත්වයෙන් හොඳ නිර්මාණ අපේ වබේ අඩවිය හරහා ජනතාවට සමීප කිරීම තුළිනුයි. ඒ වගේම කලාකරුවන්ගේ බුද්ධිමය අයිතිය ආරක්ෂා කිරීමට අපිට ලබාදිය හැකි දායකත්වය අපි ලබා දෙනවා. ඒ තුළින් අපි හමුවට එන අභියෝග පහසුවෙන් ජයගැනීමට හැකියාව ලැබි තිබෙනවා.

ගූගල් සමාගම එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?
ගූගල් සමාගමත් එක්ක Ripple of Music කියන Hangout Project කළා. ඒක ඔවුන්ගේ නියමු ව්‍යාපෘතියක්. අපි සාර්ථකව එම නියමු ව්‍යාපෘතිය කළ නිසා යූ ටියුබ් සමග සම්බන්ධ වීමේ අවස්ථාව ලැබුණා. එය අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒක අපේ සාර්ථකත්වයට ලැබුණ ඇගයීමක් කියලයි මම හිතන්නේ.

ලංකාවේ තරුණයා අන්තර්ජාලය තමන්ගේ ජීවිතය ජයගැනීමේ මාර්ගයක් ලෙස යොදා නොගන්නේ ඇයි?
අපේ රටේ තරුණයෝ අන්තර්ජාලය භාවිතා කරන්නේ හුදෙක් විනෝදාත්මක මාධ්‍යක් ලෙසයි. අන්තර්ජාලය කියන්නේ සමාජ මාධ්‍ය කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඒත් අන්තර්ජාලය කියන්නේ ඊට එහා ගිය පුලුල් දෙයක්. අපි අන්තර්ජාලයෙන් ලබාගන්නේ තවත් අයෙක් අන්තර්ජාලයට ලබාදුන් දෙයක්. ඒ නිසා අපිත් අන්තර්ජාලයට අපේ දේවල් එකතු කළ යුතුයි. එවිට තමයි තවත් අයෙක්ට ඒ දේ ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ. උදාහරණයක් ලෙස Music.lk හරහා අපි අන්තර්ජාලයට ගීත එක් කරනවා. තවත් අයෙක්ට එය ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ අපි එය ලබාදෙන නිසයි.

මතක තියාගෙන ඉන්නේ ජීවිතයේ සාර්ථක වුන තැන්ද? අසාර්ථක වුන තැන්ද?
මම ජීවිතයේ මතක තියාගෙන ඉන්නේ සාර්ථක වුන තැන් ගැනයි. අපිට වැටෙන්නේ නැතිව ඉන්න පුලුවන් කම ලැබුණේ අපේ කණ්ඩායමේ තිදෙනාම එකට වැඩ කරන නිසයි. පුද්ගලික ජීවිතයේ පවා එක් අයෙක් වැටුනත් අනෙක් දෙදෙනා ඔහු නැගිටුවනවා. අපි ඉදිරියට යන්නේ එහෙමයි.

ඉදිරියේදී Music.lk යන්නේ කොතැනටද?
අපේ හොද නිර්මාණ හැකි තරම් ඉහළට ඔසවා තබන්න තමයි අපි කටයුතු කරන්නේ. එහිදී නිර්මාණකරුවන්ගේ බුද්ධිමය දේපලවලට වැඩි වටිනාකමක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. දැනට සිදු වනවාට වඩා පුළුල් මට්ටමින් කරගෙන යාම තමයි අපේකෂාව වන්නේ.

සංජය නල්ලපෙරුම  මව්බිම පුවත්පතින්