හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආර්. ගුණතිලක, ඩබ්. වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව මනුෂ්‍ය සංගාර චෝදනා යටතේ විදේශීය අධිකරණ තුළ නඩු පැවැරීමේ සූදානමක් ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය නීතිඥයින් විසින් නීතිඥ සිවානි තියාගරාජා මහත්මියගේ මූලිකත්වය යටතේ මෙසේ නඩු පැවැරීමට කටයුතු කරමින් තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.