Kumar Sangakkara (KumarSanga2) on Twitter

අඟහරුවාදා (20) ශ්‍රී ලංකාව විසින් එංගලන්තය පරාජය කරමින් ලබාගත් විස්සයි විස්ස කි‍්‍රකට් ජයග‍්‍රහණයට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සුබපැතුම් එක්කොට තිබේ. කුමාර් සංගක්කාර සිය ටිවිටර් ගිණුමේ සටහනක් යොදමින් පවසා ඇත්තේ යෙෘවන ක්‍රීඩකයින් විශිෂ්ට ජයක් අත්කැරගත් බවය.සංගක්කාරගේ 20/20 සමුගැනීමෙන් පුරප්පාඩු වූ අංක තුන ස්ථානයේ කිත්රුවන් විතානගේ කී‍්‍රඩා කළ අතර ඔහුගේ විලාශය ඉතා ආකර්ෂනීය සහ සුපිරි එකක් වූ බව සංගක්කාර සිය සටහනේ තබා තිබේ. මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර යන සුපිරි ක්‍රීඩකයින් ඉකුත් 20/20 ලෝක කුසලානයෙන් පසු සමුගත් අතර ඒ අනුව නවක ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට එක් වූහ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 9ක තියුණු ජයග‍්‍රහණයක්  ලබා ගත්තේය. නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම ලබා ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් පමණි.