Mahela Jayawardene ww

මහේල ටෙස්ට් පිටියෙන් සමුගනියි/Jayawardene to retire from Tests.

ටෙස්ට් පිටියෙන් සමුගන්නා මහේලට අපේ සමුදිමේ විඩියෝව.(Mahela Tribute video )

https://www.youtube.com/watch?v=u0hkKhYDTaU

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අදාළ ලිපිය බාරදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට එම ලිපිය බාරදී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු හා පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව තමන් ටෙස්ට් පිටිය හැරයන බව හෙතෙම දැනුම්දී ඇති බව සඳහන්ය.

තමන් වසර 18 ක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හැකි උපරිම අයුරින් ගෞරවාන්විතව ක්‍රීඩා කළ බවත්, සමුගැනීමේ නිශ්චිත මොහොත උදාවී ඇතැයි කල්පනා කරන බැවින් මෙලෙස විශ්‍රාමයාමට තීරණය කළ බවත් මහේල ජයවර්ධන විසින් පෙන්වාදී තිබේ.

මේ වන විට 37 වැනි වියේ පසුවන මහේල මේ දක්වා සහභාගි වී ඇති ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව 145ක්. ඉනිම 244ක් කී‍්‍රඩා කර ඇති ඔහු ලකුණු 11,493ක් රැස් කරගෙන තිබෙනවා. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50 යි දශම එකයි අටක්. ශතක 33ක්ද , අර්ධ ශතක 43ක්ද මහේලගේ ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවලට ඇතුළත්.

 ඔහු ඉනිමකදී රැස්කරගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 374ක් වනවා. ශී‍්‍ර ලාංකික පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද එයයි. පන්දු රකින්නෙකු ලෙස උඩපන්දු 197ක් රැකගෙන ඇති මහේල පන්දු යවමින් කඩුලු 6ක් දවාගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ මෙතෙක් බිහි වූ සාර්ථකම ටෙස්ට් නායකයෙකු ලෙසයි ඇතැම් විචාරකයන් මහේල හඳුන්වා දෙන්නේ. ඔහු විසින් නායකත්වය දරා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 38ක්. එ්වායින් 18කදී ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කරා කැටුව යාමට මහේල සමත්වුණා.

 ඉකුත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු විස්සයි විස්ස කී‍්‍රඩාවෙන්ද විශ‍්‍රාම ගැනීමටයි මහේල තීරණය කළේ. එ් අනුව පකිස්තානය සමග තරගාවලියේ පසු එක්දින තරග සඳහා පමණක් මහේල ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති.

Mahela Jayawardene has announced he will retire from Test cricket following the series against South Africa and Pakistan. Jayawardene’s last four Tests will be in Sri Lanka – the Tests against South Africa will begin from July 16 and July 24, followed by the two-match series against Pakistan in August.

The former Sri Lanka captain has said he will continue playing in ODIs.

“It was not an easy decision to make given that it has been a great privilege and honour representing my country during the past 18 years, but I believe this is the right time,” Jayawardene stated in a release.

Jayawardene made his debut for Sri Lanka against India in August 1997 and scored 66 as his team piled on a record 952 runs in Colombo. He has played 145 Tests, scoring 11493 runs at an average of 50.18 with 33 hundreds.