මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ තරග පැවැත්වෙන කි‍්‍රඩාංගණ ඓඵ්ළ් තරග සංවිධායකයින් විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් මස 10 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා, ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

දින 53 ක් පුරා පැවැත්වෙන මෙවර IPL තරගාවලියේ තරග 10 ක් පැවැත්වෙන්නේ දිවා තරග ලෙසයි.

මේ අතර මෙවර ද ඓඵ්ළ් කි‍්‍රකට් තරගාවලියට සමගාමීව කාන්තා 20 යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලිය නොවැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා කාන්තා කණ්ඩායම් 04 ක සහභාගීත්වයෙන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර 20 යි 20 ලීග් තරගාවලියට එක්වන කී‍්‍රඩකයින්ගෙන් තුනෙන් එකකට පමණ තරග ගාස්තු ගෙවා නොමැති බව ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩක සම්මේලන එකමුතුව පවසනවා. කැනඩාවේ පැවැති ග්ලෝබල් 20 යි 20 තරගාවලිය, බංගලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලිය, අබුඩාබී T 10 තරගාවලිය ඇතුළු ලීග් කි‍්‍රකට් තරගාවලි 06 කට සහභාගී වූ කී‍්‍රඩකයින් රැසකට මෙලෙස අදාල ගෙවීම් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

ඊට මැදිහත් වන ලෙස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩක සම්මේලන එකමුතුව, ජාත්‍යනත්ර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.