නව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ස්ථාපිත කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අවසර හිමිව තිබෙනවා. 

කොළඹ කොටස් වෙළදපොල ප්‍රකාශකයෙකු පැවසුවේ එම සමාගම විසින් ඒ සම්බන්ධයෙන් සිය ආයතනය වෙත දැනුම්දීමක් කර ඇති බවයි. 

ඒ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50 ක් හැකි ඉක්මණින් ස්ථාපිත කිරීමට එම සමාගම තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.