Category: Local News

Local News

තෙල් ගන්න සල්ලි දෙන්න – ජනපති මහ බැංකුවට කියයි

විදුලි උත්පාදනයට හා රටට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම්දී තිබෙනවා. ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ විදුලිබල…

වටවල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අත්අඩංගුවට

වටවල රොසැල්ල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ව (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසනවා. වටවල රොසැල්ල හයිඩ්‍රි ජනපදයේ අවුරුදු 13 වයසැති පාසල් සිසුවෙකුට එම විහාරස්ථානය තුලදි (20) දින විහාරාධිපති…

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ රැප් ගායක FillT අත්අඩංගුවට

පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසෙල්වත්ත තක්‍ෂලා පාර ප්‍රදේශයේ පැවති රැස්වීමක ආරක්ෂක රාජකාරී සඳහා එම පොලිස් නිලධාරීන් පැමිණ සිටියා. එම ස්ථානයට…

ගීතා කුමාරසිංහට මරණ තර්ජන

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට බැන මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බැව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60…

මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ භාරදී තිබෙනවා. ඒ,…

ඉන්ධන නැතුව බස් සහ ත්‍රීරෝද රථ ධාවනයට ගැටළු

ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනයට ද අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ලබාගැනීම…

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ…

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 17 වන විශ්වවිද්‍යාලය වව්නියාවේදී විවෘත වෙයි.

වව්නියා විශ්වවිද්‍යාලය අද නිළ වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. යාපනය විශ්වවිද්‍යාලයේ – වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් වසරේ ජූනි…

අද දිනයේ සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්!

අද දිනයේ සිට ජනවාරි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව…

කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට!

ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා.…

ශිෂ්‍යත්වය හා උසස් පෙල විභාග කල් යන ලකුණු!

මේ වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඔහු කියාසිටියේ කොවිඩ්…

විදෙස් ශ්‍රමිකයිනගේ දූදරුවන්ට ලක්ෂ 873 ක ශිෂ්‍යත්ව!

විදේශ රැකියාවල නිරත දෙමාපියන්ගේ දූදරුවන් සඳහා රුපියල් ලක්ෂ 873ක් ශිෂ්‍යත්ව ආධාර පිරිනමන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 2020 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව ආධාර ලබාගැනීම සඳහා අයදුම් කළ සිසුන්…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු ඇරඹේ!

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණී නීතීඥ…

අද රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය!

අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය…