ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (ජූලි 12) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආමත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පැවසීය.

ඒ අනුව, අද දින සියලු ම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන්නැයි රජය දැනුම් දුන් බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, අද රජයේ නිවාඩු දිනයක් නොවන බව ද ලේකම්වරයා පැවසීය.