සිය පස් හැවිරිදි දරුවා වත්තල කදිරාන පාලම මතින් කැලණි ගඟට දමා ගඟට පැන දිවි හානි කරගැනීමට තැත් කිරීමේදී  42 හැවිරිදි මවක් ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්ලුව පවසනවා.

සිද්ධියට සම්බන්ධ කාන්තාව මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ.

තමන් ගේ උකුලේ ඇති ආබාධයක් හේතුවෙන් දරුවා ජිවත් කරවීමට මුදලක් ඉපැයීමට නොහැකි බැවින් මෙම තීරණයට එළෙඹී බව එම මව විසින් පොලිසිය හමුවේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

අතුරුදන් වූ දරුවා සොයා පොලිස් ජිවිතාරක්ෂක සහ නාවික හමුදා කණ්ඩායම් විසින් මෙහෙයුම් සිදුකරන බව මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.