ගාලුමුවදොර අරගල භූමිය තවත් දින දෙකකින් ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් සූදානම් වනවා. ඒ, අරගල භූමියට දින පනහක් ගතවීම හේතුවෙන්. ඉන් අනතුරුව එදිනම ඔවුන් පාර්ලිමේන්තුව අභියස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිත බවට බුද්ධි අංශ අනාවරණ කර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළා. 

එහිදී “225 ම ගෙදර යනු” යන තේමාව යටතේ විරෝධතාවයේ නිරත පිරිස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ. 

මේ අතර ගාලු මුවදොර අරගලයේ 47 වන දිනය වූ ඊයේ දින රාත්‍රියේද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් ඊට එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.