සෙසු පක්ෂ සහය ලබා දෙන්නේ නම් සිය පක්ෂය වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසනවා. එසේ නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ සිට සිය පක්ෂය සහය ලබා දෙන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ.

මේ අතර අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා එම ධූරය භාර ගනු ලබන්නේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වන්නේ නම් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ.