විදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.
ජංගම දුරකථන සේවා සපයන සමාගම් පවසා ඇත්තේ දිගු වේලාවක් විදුලිය කපා හැරීම හේතුවෙන් සිය 3G සහ 4G සම්ප්‍රේශණ ජාල පද්ධතියට බාධා ඇති වන බවයි.

බාධාවන්ගෙන් තොරව සබඳතා සැපයීම සඳහා සංඥා කුළුණු මධ්‍යස්ථාන හා විකල්ප විදුලි සැපයුම් පද්ධතීන්ගෙන් සමන්විත වුවද ජාතික විදුලිබල පද්ධතියේ දීර්ඝ විදුලි කප්පාදු පවතින අවස්ථාවන්හිදී, විකල්ප විදුලි සැපයුම් පද්ධති සීමිත වී ඇති බව ඇතැම් සමාගම් නිළ වශයෙන් දන්වා තිබෙනවා. ඒ හේතුවෙන් සන්නිවේදන බාධා ඇතිවිය හැකි බවයි එම සමාගම් පවසා ඇත්තේ.
අද අළුයම කළ සොයා බැලීමකදී වාර්තා වූයේ විදුලිය විසන්ධි කිරීමත් සමග ඇතැම් ප්‍රදේශවල සිදු වූ අන්තර්ජාල සේවා බිද වැටීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් ඇති බවයි.