ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන්. 

කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් සීමිත වශයෙන් සපයන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටින්නේ.

මේ අතර අද අලුයම් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා ගෑස් අලෙවි නියෝජිත අලෙවිසැල් අසල පෝලිම් ගැසී සිටින බවට වාර්තා වනවා.