මේවනවිට පවතින යුදමය වාතාවරණය හමුවේ කිසිඳු හේතුවක් මත අමෙරිකානු හමුදාව යුක්රේනයට නොයවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. 

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ශක්තිමත් නේටෝ සංවිධානය සමග සෑම විටම එක්ව සිටින අමෙරිකාව නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන භූමි ප්‍රමාණයේ සෑම බිම් අගලක්ම ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි. 

එහෙත් යුක්රේනය පදනම් කරගනිමින් රුසියාවට එරෙහිව යුද නොවදින බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අවධාරණය කර ඇත්තේ. 

අමෙරිකාවේ ද මැදිහත්වීම මත නේටෝ සංවිධානය සහ රුසියාවට අතර ඍජු ගැටුමක් වර්ධනය වුවහොත් එය 03 වන ලෝක යුද්ධයේ ආරම්භය විය හැකි බව ද අමෙරිකානු ජනාධිපතිවයා සිට ට්විටර් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. ඒ අනුව අමෙරිකානු හමුදාවන් යුක්රේනයට යැවීම සම්බන්ධයෙන් වූ යෝජනා, සාකච්ඡා මේසයෙන් ද බැහැර වූ බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ.