රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවන පසුබිමක යුක්‍රේනය ද සිය යුද සැලසුම් තීව්‍ර කරමින් සිටිනවා. එහි නවතම පියවර ලෙස ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහය ලබා ගැනීමටයි යුක්‍රේනය කටයුතු කර ඇත්තේ. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටිනවා. 

ඔහුගේ විශේෂත්වය වන්නේ කිලෝ මීටර් 3 යි දශම දෙකක දුරින් පිහිටි ඉලක්කයකට වුවද සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව පැවතීමයි. මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබලුන් පිරිසක් ද යුක්‍රේනයට පැමිණ ඇතැයි ද සඳහන්. 

විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ විවිධ රටවලින් 20,000 ක පමණ යුධ පුහුණුව ලැබූවන් යුක්‍රේනයේ සහයට මේ වන විටත් පැමිණ ඇති බවයි. යුක්‍රේන රුසියා සාම සාකච්ඡා යළි බිඳවැටී ඇති පසුබිමක රුසියානු හමුදා යුක්‍රේන අගනුවර අල්ලා ගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතව සිටිනවා.