වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සිය රට තුල අවහිර කිරීමට තීරණය කර තිබෙනවා. යුක්රේන ආක්‍රමණයත් සමග සාවද්‍ය තොරතුරු හුවමාරු වීම වැලැක්වීම මෙහි අරමුණයි. 

ෆේස්බුක් තහනමින් පසු රුසියාව විසින් ට්විටර් සහ යූටියුබ් යන සමාජ ජාල මාධ්‍යද අවහිර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ෆේස්බුක්, ට්විටර් සහ යූටියුබ් යනු රුසියාවේ වඩාත් ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාල වන අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒවා පරිශීලණය කළා. 

මේ අතරතුර රුසියානු හමුදාවන් සම්බන්ධයෙන් සාවද්‍ය පුවත් හුවමාරු කරන පුද්ගලයින්ට උපරිමයෙන් වසර 15ක සිර දඬුවම් නියම කිරීමට හැකි, නව නියෝගයකට අත්සන් තැබීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ සමග රුසියාවේ ක්‍රියාත්මක වන ස්වාධින මාධ්‍ය ආයතන කිහිපයක්ම සිය විකාශන කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම BBC පුවත් සේවයේ රුසියානු කාර්යාලය තාවකාලිකව වසා දැමීමට එම ආයතනය අද තීරණය කර තිබෙනවා. ඒ, සිය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසායි. 

රුසියාව සහ යුකේරනය අතර සාම සාකච්ඡා ආරම්භ වී ඇතත් රුසියාවේ යුකේරන ආක්‍රමණය මෙතෙක් අවසන් වී නැහැ.