රුසියානු හමුදාවන් විසින් යුක්රේනයේ සිදුකරනු ලබන ආක්‍රමණය හේතුවෙන් විනාශ වී පිලිස්සී ගිය ලොව විශාලතම ගුවන් යානයේ ජායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

යුක්රේන අගනුවර වන කිව් හි ආසන්නයේ පිහිටි Hostomel ගුවන් තොටුපොළේ පිහිටි අංගනයක නවතා තිබු යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝව් -225 Mriya මෙලෙස විනාශ වී තිබුණා.  ඒ රුසියානු හමුදාවන් විසින් එල්ල කරන ලද මිසයිල සහ ගුවන් ප්‍රහාර හේතුවෙන්.

එන්ජින් හයක් ඇති සහ ටොන් 314ක් බරැති මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අලුත්වැඩියා කිරීමට ඩොලර් බිලියන 3කට (පවුම් බිලියන 2.24කට) වැඩි මුදලක් වැය විය හැකි බව යුක්රේනයේ රාජ්‍යයේ අවි නිෂ්පාදක සමාගමක් වන Ukroboronprom සඳහන් කර සිටියේ.

යානයට ප්‍රහාරය එල්ල වූ දා සිට දරුණු ලෙස පිළිස්සී ගිය ගුවන් යානයේ සුන්බුන්වලින් කළු දුමාරයක් ගලා යන අයුරු දැක්වෙන ඡායාරූප සහ දර්ශන අන්තර්ජාලය හුවමාරු වෙමින් පැවතියා.

මෙම ගුවන් යානයේ කිලෝග්‍රෑම් 189,601බර ප්‍රමාණයක් රැගෙන යාමට හැකියාව පවතිනවා.