ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. 

ඒ අනුව තරගය පැවැත්වෙන මොහාලිහි පන්ජාබ් සංගම් ක්‍රීඩා පිටියේ ධාරිතාවෙන් සියයට 50 ක් ප්‍රේක්ෂකයින් සඳහා විවෘත කිරීමටයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ. 

මෙම තරගය ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි සහභාගී වන 100 වන ටෙස්ට් තරගයයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තරගය ද ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. 

කෙසේවෙතත් විරාත් කෝලි සහභාගී වන 100 වන ටෙස්ට් තරගය ඓතිහාසික අවස්ථාවක් බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි මොහාලි ක්‍රීඩාංගනය  ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.