පස් වසරක් ලෝක චෙස් ශූරයා ලෙස වැජඹුණු මැග්නස් කාල්සන් ඊයේ (22දා) ඉන්දියානු ක්‍රීඩක ආර්. ප්‍රාග්නනන්ද හමුවේ ‘එයාර්තින්ග් මාස්ටර්ස් රැපිඩ් චෙස්’ තරගාවලිය පරාජයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආර්. ප්‍රාග්නනන්ද ඉන්දියාවේ චෙන්නායි හි උපන් තරුණයෙකි.

කෙසේ වෙතත් මෙම පරාජය සම්බන්ධයෙන් ලොව පුරා චෙස් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව තිබුණේ මෙම පෙරළිය සිදු කළ ආර්. ප්‍රාග්නනන්ද තවමත් 16 හැවිරිදි වියේ පසු විම නිසාවෙනි.

එසේම ලෝක ශූරයකු පරාජයට පත් කළ වයසින් අඩුම ඉන්දීය චෙස් ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසගත විය. 

අන්තර්ජාලය ඔස්සේ පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයේ ආරම්භයේ සිටම ප්‍රබල ලෙසින් තරගයට අවතීර්ණව තිබූ ප්‍රාග්නනන්දගෙන් දැඩි අභියෝගයක් ලෝක ශුර 31 හැවිරිදි මැග්නස් කාල්සන්ට එල්ල වූ බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රමේෂ්බාබු ප්‍රඤ්ඤානන්ද, ප්‍රාග් යන අන්වර්ථ නාමයෙන් පොදුවේ හඳුන්වනු ලබන අතර, එහිදී තරගයේ 8 වැනි වටයේ 39 වැනි පියවරේදී මැග්නස් කාල්සන්ට පරාජය උරුම වූ බවද සඳහන්ය.

මේ අතර  ඉන්දීය ක්‍රිකට් සුපිරි තරුවක් වන සචින් තෙන්ඩුල්කාර් ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්  චෙන්නායි හි උපන් ප්‍රග්නානන්දට ප්‍රශංසා කර තිබෙනවා.

31 හැවිරිදි මැග්නස් කාල්සන්ට මෙම තරගයට පෙර  Covid-19 ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.