කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ඒ අනුව එම සාකච්ඡාවේදී රට තුළ පවතින වත්මන් තත්ත්වය අධීක්ෂණය කර ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තීරණය කරනු ඇත.

අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ වී තිබුණි.