10410118_10152564965022114_289119815283641863_n

සමුගත් දැවැන්තයා- මහේල/Mahela Jayawardene given grand send-off

මහේල ජයවර්ධනගේ සමුගැනිමේ තරගය නිසා ලොවපුරා ක්‍රීඩා ‍ලෝලීන්ගේ අවධානයට ලක්වූ ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ‍ටෙස්ට් තරඟය ද මහේල ජයවර්ධනගේ සමුගැනීමට ජයග්‍රාහී අවසානයක් ලබාදෙමින් ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයක් අත්කර දෙමින් අද නිමාවට පත් වුනා.

මෙම තරඟයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 320ක් ලබාගත් අතර පකිස්ථානය ලබාගත් ලකුණු සංඛ්‍යාව 332කි.

ලකුණු 12ක් පිටුපසින් සිටිමින් ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 282ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා පකිස්ථානයට ලකුණු 271ක ඉලක්කයක් ලැබිණ.

කෙසේ වෙතත් පකිස්ථානු කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 165ක් පමණි.

ආබාධයකට ලක්වීම නිසා ජුනයිඩ් ඛාන් පන්දුවට පහරදීමට පිටියට නොපැමිණියේය.
1901401_805982292766313_2186150018568046879_n
ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයෙන් ලකුණු 105ක ජයක් ලබාගත් අතර එය මහේල ජයවර්ධනගේ සමුගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් ලබාදුන් තිළිණයක් ලෙස සැලකිය හැකිය.

මහේලගේ ක්‍රීඩා සමාජය වන එස්.එස්.සී ක්‍රීඩාපිටියේ ඔහු ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟය එය බවට පත්කරමින් ද ශ්‍රී ලංකා – පකිස්ථාන ‍තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ සමස්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට අත්කර දෙමින් ද එම තරඟය නිමාවට පත්විය.

මෙම තරඟයේදී මහේල ජයවර්ධන පළමු ඉනිමට ලකුණු 4ක් ලබාගත් අතර දෙවැනි ඉනිමට ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.

පන්දුවෙන් දස්කම් පෑ රංගන හේරත් දෙවැනි ඉනිමේත් කඩුලු 5ක් බිඳ දැමූ අතර ඔහු පළමු ඉනිමේදීත් කඩුලු 9ක් ලබා ගන්නා ලදී.

තරඟය නැරඹීම සඳහා ප්‍රෙක්ෂකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඒ අතර සිටිනු දක්නට ලැබිණ.
10441321_805981766099699_1871401713804894160_n
මහේල ජයවර්ධන ප්‍රේක්ෂකයින්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ක්‍රිකට් පිටියෙන් සමුගන්නා අවස්ථාව බොහෝ දෙනාගේ හදවත් කම්පා කළ දර්ශනයක් බවට ද පත්විය.

මහේල ජාත්‍යන්තර ටේස්ට් පිටි‍යේ ටෙස්ට් තරග 149කදි ඉනිම 252ක් ක්‍රිඩා කරමින් ලකුණු ලකුණු 11,814ක් ලබාගත් පිතිකරුවෙකි.

මේ අතර 2015 ලෝක කුසලාන තරඟාවලිය තමාගේ අවසාන ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟාවලිය විය හැකි බව සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක මහේල ජයවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩාංගනයේ අද (18) අවසන් වූ ශ‍්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

The 18th of August 2014 marked the end of a glorious 17 year test career by a famous Sri Lankan son in Mahela Jayawardene.

Despite being a slightly wet Monday, the Colombo SSC was flocked with thousands of spectators serenading him with the rumble of firecrackers and papare music.

Jayawardena’s proud parents, his team including his best mate Kumara Sangakkara, colleagues and mentees from his alma mater Nalanda College, his club SSC and President Mahinda Rajapaksa graced the occasion for a final goodbye to the most successful Sri Lankan test cricket captain.

The celebrated veteran showed immense popularity with his opposition as he was also recognized for his achievements by the Pakistan team. Mahela bids adieu to test cricket becoming the only Sri Lankan to score a fifty on his debut and the final innings.

10464217_736836769711635_4726257750317425433_n

Mahela ended a 149 match career scoring 11,814 runs with 34 centuries and also contributing to 205 dismissals.

During his final stroll he did not fail to entertain the crowd compiling 107runs for the 3rd wicket with his mate Sangakkara.

The partnership laid platform for a 105 run victory in the second test against Pakistan and clinch the series 2-0.

The victory could not have been a possibility without the 14 prized scalps of Man of the Match and Series Rangana Herath who had a record match bag of 14 for 184, with a total of 23 wickets for the entire series.

Jayawardena will continue his role in the ODI set up during the upcoming 3 match series against Pakistan and is expected to wear the blue cap till the 2015 World Cup in Australia and New Zealand.