බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් යළි මෙරටට පැමිණීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ මැතිව්ස්ගේ පෞද්ගලික කරුණක් ඊට හේතු වී ඇති බවයි. ඒ අනුව මැතිව්ස් අද දිනයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සිට යළි මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.