සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුළු 08 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 කදී සියළුදෙනා දැවී රැස් කළේ ලකුණු 232 ක් පමණයි. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක ලකුණු 55 ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් රැස් කළා. සිය පළමු එක්දින තරඟයට ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර ලකුණු 50 යි. ජේසන් මොහොමඩ් ලකුණු 12 කට කඩුලු 02 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 47 කදී කඩුළු 02 ක් පමණක් දැවී ලකුණු 236 ක් රැස් කරගනිමින් තරඟයේ ජය වාර්තා කළා. ෂායි හෝප් ලකුණු 110 යි. එවින් ලෙවිස් ලකුණු 65 ක් රැස් කළා. දුෂ්මන්ත චමීර ලකුණු 50 කට කඩුළු 02 ක් දවා ගැනීමට සමත් වුණා.