ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වී කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය සම්බන්ධයෙන් ලොව රටවල් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවනවා. ඒ අතරින් ප්‍රමුඛත්වය ගෙන සිටින්නේ අමෙරිකාවයි.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මියන්මාරයට එරෙහිව යළි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සමාලෝචනය කළ යුතු බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ. මියන්මාරයට එරෙහිව අමෙරිකාව මීට පෙර ද සම්බාධක පනවා තිබු නමුත් ගතවූ දශකයක කාලය තුලදි එම සම්බාධක ලිහිල් කෙරුණා. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වීම හේතුවෙන් එම ප්‍රගතිය ආපසු හැරවීමටයි අමෙරිකාවේ අවධානය යොමුව ඇත්තේ.
මේ අතර මියන්මාරයේ රාජ්‍ය පාලනය හමුදාවට නතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් ආරක්ෂක කවුන්සිලය අද විශේෂ හමුවක් කැඳවා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
මේ අතර හමුදා පාලනයට නතුව ඇති මියන්මාරයේ යැන්ගොන් අගනගරය තුළ තවදුරටත් සන්නද්ධ හමුදාව රඳවා ඇති බව විදෙස් මාධ්‍ය අද උදෑසන ද වාර්තා කර තිබුණා. රට හමුදා පාලනයට නතුවීම සම්බන්ධයෙන් එරට වැසියන් වැඩි පිරිසක් නිහඬව විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ. බොහෝ දෙනෙකු එම විරෝධය පළ කර තිබුණේ සමාජ මාධ්‍ය හරහා වීම විශේෂත්වයක්. කෙසේවෙතත්, අගනුවර තුළ දුරකථන හා අන්තර්ජාල පහසුකම් මේවනවිටත් බිඳවැටී තිබෙනවා.
මියන්මාරයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිනියක වන පාලක LND පක්ෂයේ නායිකා අවුන් සාන් සුකී, එරට ජනාධිපති වින් මින්ට් මෙන්ම LND පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද ඇතුළුව ප්‍රබල දේශපාලනඥයින් 45 දෙනෙකු, එරට හමුදාව මගින් ඊයේ සිය භාරයට ගත්තා. ඒ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව මියන්මාරය මේවනවිටත් හමුදා පාලනය යටතේ පවතින අතර වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ද ක්‍රියාත්මකයි.