නේපාල ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස, ඬේව් වට්මෝර් පත්කර තිබෙනවා. ඒ, ඉකුත් පෙබරවාරි මාසයේ දී ධූරයෙන් ඉවත් වූ උමේෂ් පට්වාල් වෙනුවටයි. 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් නේපාල කණ්ඩායම සූදානම් කිරීමේ වගකීම ඬේව් වට්මෝර්ට පැවරී තිබෙනවා.

නේපාල කණ්ඩායමේ මීට පෙර සිටි පුහුණුකරු වන උමේෂ් පට්වාල් යටතේ නේපාල කණ්ඩායමට 2021 ලෝක කුසලාන පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමට හැකි වූයේ නැහැ. ඬේව් වට්මෝර් මීට පෙර ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල ද ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. ශීී‍්‍ර ලංකා කණ්ඩායම, 1996 කි‍්‍රකට් ලෝක කුසලානය දිනාගත් සමයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ද ඬේව් වට්මෝර්.

මේ අතර 1996 ලෝක කුසලානය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන සාමාජිකයෙකු වන අසංග ගුරුසිංහ, නයිජීරියාවේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ඉකුත් දා පත්කෙරුණා.