නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන MV New Diamond නම් නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 35ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව තිබෙනවා.

ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කොට ඇති ඉන්ධන කිසිදු ලෙසකින් පිටතට කාන්දුවීමක් සිදුව නොමැති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් තබමින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මේ බව සඳහන් කර සිටිනවා.

එමෙන්ම නෞකාවේ ඇතිවූ ගින්නද මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය වී ඇති බවද ඔවුන් සඳහන් කර සිටියි.