අගෝස්තු මාසයේ ගතවූ දින 25 තුලදී ඉන්දියාවේ තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ලක්ෂ 15ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

ඊයේ දිනයේදී ඉන්දියාවෙන් නව කොරෝනා රෝගීන් 67,151ක් දෙනෙක් සහ මරණ 1,059ක් වාර්තා වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 3.2 ඉක්මවා ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 59,449ක් වනවා.

ගතවූ දින 08ක කාලය තුල දිනපතා ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 60,000 කට වැඩි ප්‍රමාණයක් හා මරණ 800ක් ඉක්මවා වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ PCR පරීක්ෂණ මිලියන 18ක් සිදුකොට තිබෙන බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.