Usain Bolt from Jamaica celebrates winning the gold medal in the men's 200-meter final during the athletics competitions of the 2016 Summer Olympics at the Olympic stadium in Rio de Janeiro, Brazil.

‪ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬

මිට දින කිහිපයකට පෙර ඔහු සිය 34 වෙනි උපන්දිනය සමරනු ලැබුවා.

හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල අද ලැබී තිබෙනවා. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

මේ වන විට උසේන් බෝල්ට් ස්වයං නිරෝධායනට ලක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.