මාස දෙකක කාලයක් තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් තවත් නිලධාරීන් 19ට ස්ථානමාරුවිම් ලබාදී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. වැඩ තහනම් කළ නිලධාරීන් අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් සිටින බව ඔහු පැවසීය.

අනිසි ආකාරයෙන් වත්කම් ඉපැයූ බන්ධනාගාර නිලධාරීන්ගේ තොරුතුරු ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසමට යොමුකර ඇති බවත් ඔහු පැවැසීය.

 බන්ධනාගාර තුළ යම් නීති විරෝධි කටයුතු සිදුවන්නේ නම් 011-2678600 යන අංකයට ඇමතුමක් ලබා දී ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙසද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.