සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රී කණ්ඩායම අද පළමු වරට රැස් වනවා. 

එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි.

මේ අතර, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පොරොන්දු වූ පරිදි සිය පක්ෂවලට මන්ත‍්‍රී ධූර ලබා නොදෙන්නේ නම්, රවුෆ් හකීම්, රිෂාඞ් බද්යුදීන් සහ තමන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු ස්වාධීන වන බව මනෝ ගනේෂන් ප‍්‍රකාශ කර තිබුණා. 

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබුණේ සමගි ජන බලවේගයට ඒ සඳහා  අද දිනය තෙක් කල් ලබාදෙන බවයි.