නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ‍්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම තාවකාලික නතර කිරීම ක‍්‍රියාත්මක වන්නේ හෙට (14 දා) සිටය. කෙසේ වෙතත් තත්ත්වය සමනය වූ වහාම නැවත විදෙස්ගත ශ‍්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

මේ තත්ත්වය තුළ ගුවන් තොටුපළ විවෘත කිරීමද තවදුරටත් කල් යන්න ඉඩ තියෙනවා. පවතින රටේ තත්ත්වය නිසා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡුා කරලා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා.

විදෙස්ගත ශ‍්‍රමිකයන් සියලූ දෙනා ශ‍්‍රී ලංකාවට ගෙන්වන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා.