කරච්චි නුවර පිහිටි පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

ඒ පිළිබඳ ව තමාට කිසිදු සැකයක් නොමැති බව පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසීය.

පසුගිය සඳුදා තුවක්කුකරුවන් සිව් දෙනෙක් පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ට ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් මුරකරුවන් දෙදෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් මරුමුවට පත්විය.

පසුව ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් තුවක්කුකරුවන් මරණයට පත්විය.

 නමුත් ඉම්රාන් ඛාන් ගේ චෝදනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි.