දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. 

හල්කඳවිල පයාගල මාර්ගයේ කැන්දගහවිල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙකි.

මේ අතර අවිස්සාවේල්ල – ගලිගමුව මාර්ගයේ තලෝවිට ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවත පැන පෙරළීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි අයෙකි.

මේ අතර කළුවාංචිකුඩි පොලිස් වසමේ මඩකලපුව කල්මුණ මාර්ගයේ කොට්ටකල්ලාර් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිගොස් තිබේ.