වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ අද (27) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වන අතර, තුවාලකරුවන් 05 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසූහ.

බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුවී ඇති බවට පොලීසිය සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.