කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පහව යන තෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මුඛ ආවරණ පැළඳීම පිළිබඳ සෑම කෙනෙක්ම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.