ගෝලීය කොවිඩ් 19 ආසාදිතයින් ගණන ලක්ෂ 97 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව රටවල් සහ ස්වාධීන රාජ්‍ය 213කින් වාර්තා වන ආසාදිතයින් ගණන 9,714,805ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සිදුවී ඇති මරණ සංඛ්‍යාව හාර ලක්ෂ අනූ එක් දහසකට අධිකය.

මේ අතර, දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග යුරෝපයේ කොවිඩ් 19 ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.