තාවකාලිකව වසා දැමු දිවයිනේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක , පරිශ්‍ර හා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලන ඒකකය ජූලි මස 1 වන දා සිට දේශීය සංචාරකයින් සඳහා යළි විවෘත කෙරේ.

බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දිපව්‍යාප්ත පුරාවිද්‍යාත්මක සංචාරක ස්ථාන වෙත පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ද , කෞතුකාගාර පරිශ්‍ර වෙත පැමිණෙන නරඹන්නන් සම්බන්ධයෙන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ද, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණෙන ලේඛන පරිශීලකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ද ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි.

එයට සංචාරකයින් විසින් සහයෝගය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ලේකම්වරයා මෙහිදී සඳහන් කර තිබේ.