ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයෙන් අනතුරුව නියත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (25) පැවති ජනහමුවක් අමතමින් ඒ මහතාමේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ පිළ සහ සජිත් ප්‍රේමදාස මහතා පිළි ලෙස දෙකට වෙන්වීමට ප්‍රධාන හේතුව නායකත්වය බව ටිල්වින් සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය

රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලය අවසන් වුවත්,  ඔහු නායකත්වය අත්හැරීමට සූදානමක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ද, නායකත්වය ලබාගැනීමේ සටන අත්හැරීමට සූදානමක් නොමැති බවත් ඒ මහතා පැවසීය.