පසුගිය මස පාකිස්තානයේ කරච්චි නගරයේ සිදු වූ ගුවන් යානා අනතුර මිනිස් අත්වැරදීමක (Human error) ප්‍රතිඵලයක් බව ඒ පිළිබඳ ව නිකුත් වූ වාර්තාවේ සඳහන් වේ.

එම අනතුරින් 97 දෙනෙක් මිය ගියහ.

පරීක්ෂණ වාර්තාවට අනුව ගුවන් නියමුවාගේ සහ ගුවන් මෙහෙයුම් පාළක මැදිරිය මගින් සිදුවූ වැරදි නිසා එම ගුවන් අනතුර සිදු වූ බවය.

කොරෝනා වසංගතය නිසා ගුවන් නියමුවාගේ අවධානය ගිලි හී ගොස් තිබු බව ද එම වාර්තාවේ සඳහන් වේ.

පාකිස්තාන ගුවන් සේවයට අයත් එම ගුවන් යානය ලාහෝර් නගරය බලා පියාසර කරමින් තිබෙන අතරතුර මැයි 22 වැනි දා කරච්චි නගරයේ නිවාස මතට කඩා වැටුණි.