පෙම් සබඳතාවයක් බිඳ වැටීමෙන් සිත් තැවුලට පත් තරුණියක් සිරුරට ගිනි තබා ගැනීමෙන් ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ යාපනය, පුත්තූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

අදාළ තරුණිය වසරක පමණ කාලයක් කිසියම් පුද්ගලයෙකු සමඟ සබඳතාවයක් පවත්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇති වු ගැටළුවක් මත මෙලෙස ගිනි තබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

තරුණිය පසුගිය 21 වැනි දා සිරුරට ගිනි තබා ගෙන රෝහල්ගත කොට ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.