අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වී සිටි රැස්වීමක් අතරතුර දී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

තුවාල ලැබූවන් අවුරුදු 17 ත් 52 ත් අතර වයසේ පසුවන්නන්වන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.